ඉරාන සෙබළුන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර



සිරියා රජයට සහාය දක්වමින් සිරියාවේ රැඳී සිටින ඉරාන සොල්දාදුවන් ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායල හමුදා මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

එසේ එල්ලවුණු මිසයිලවලින් මිසයිල 30 ක් ගුවනේ දී විනාශ කිරීමට සිරියානු රජයේ හමුදා සමත් විය. ඒ, රුසියාවෙන් ලැබී ඇති මිසයිල නාශක පද්ධතියේ ආධාරයෙනි.

කෙසේ නමුත් දකුණු දිග ඩමැස්කස් නුවරට එල්ල වුණු මිසයිල ප්‍රහාරවලින් සිරියානු රජයේ හමුදා සොල්දාදුවෝ සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

ඩමැස්කස් නුවරදීය
අල් ජසීරා ඇසුරිනි

 


RECOMMEND POSTS