ඉරාන ඇමෙරිකා සබඳතා අර්බුදයක



ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ ප්‍රධාන විද්‍යාඥ මොශේන් ෆක්රිෂාදේ ඝාතනයත් සමඟ ඇමෙරිකා ඉරාන සබඳතා අවුල් සහගත තත්ත්වයකට පත් වී ඇතැයි වාර්තා වේ.

ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසා ඇත්තේ, ප්‍රහාරයට සම්බන්ධ කිසිදු පාර්ශ්වයකට කිසිදු සමාවක් නොදෙන බවය.

ෆක්රිෂාදේ වෙඩි තබා ඝාතනය කෙරුණේ ඉරානයේ තෙහෙරාන් අගනුවර නුදුරිනි. එය සිදුවූයේ ඇමෙරිකාවේ අනුදැනුම යටතේ ඊශ්‍රායල මොසාඩ් බුද්ධි අංශය යැයි ඉරානය චෝදනා කරයි.

ට්‍රම්ප් පරිපාලනය සහ ඉරානය අතර අර්බුදකාරී තත්ත්වයක් පවතී. ඒ, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන්, විරෝධය දක්වමින් ජනපති ට්‍රම්ප් ඉරානයට සම්බාධක පැනැවීමය.

කෙසේ නමුත් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය සඳහා තේරී පත් වූ ජෝ බයිඩන් පවසා ඇත්තේ ට්‍රම්ප් ඉරානයට පැනැවූ සම්බාධක ඉවත් කරමින්, ඉරානය සමඟ 2015 දී ඇතිකරගත් න්‍යෂ්ටික එකඟතාවට ඇමෙරිකාව යළි ඇතුළත් කරන බවය.

කෙසේ නමුත් ෆක්රිෂාදේ ඝාතන සිදුවීම මුල්කොට ගනිමින්, බයිඩන් ට ඉරානය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීම අසීරු වනු ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(අල් ජසීරා)


RECOMMEND POSTS