ඉරානය බි‍්‍රතාන්‍ය තෙල් නැවක් අල්ලා ගනී



බි‍්‍රතාන්‍යයට අයත් තෙල් නැවක් ඉරානය විසින් අත්පත් කරගෙන ඇතැයි වාර්තා වේ.

නැව අත්පත් කරගෙන ඇත්තේ යාත‍්‍රා 4 කින් සහ හෙලිකොප්ටරයකින් පැමිණ නැව වට කළ සන්නද්ධ පිරිසක් යැයි ද බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් පවසා ඇත.

ස්ටෙනා ඉම්පේරෝ නමැති මෙම නැව අත්පත් කරගෙන එය ඉරානය දෙසට ගෙන යන්න ඇත්තේ ඉරාන විප්ලවීය හමුදා සොල්දාදුවන් යැයි අනුමාන කෙරේ.

නැව වහා නිදහස් නොකළොත් දරුණු ඵලවිපාකවලට මුහුණ පෑමට සිදුවනු ඇතැයි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් ඉරානයට අනතුරු ඇඟවීමක් කර ඇතැයි ද වාර්තා වේ.

ඉරානය විසින් අල්ලා ගත් තෙල් නැවේ කාර්ය මණ්ඩලයට 23 දෙනකු අයත් වන බව ඉන්දියානුවන් ද ඒ අතර සිටින බවත් ඉන්දීය රජය පවසා තිබේ.

(බී.බී.සී.)


RECOMMEND POSTS