ඇමෙරිකා සම්බාධකවලට විරෝධයක්



ට්‍රම්ප් පරිපාලනය විසින් ඉරානයට පනවනු ලැබූ නව සම්බාධකවලට ඉරානය විරෝධය පළ කරයි.

විරෝධය පළ කරන අතරතුරේ ඉරාන රජය වැඩි දුරටත් පවසා ඇත්තේ ඇමෙරිකාව ‘රතු ඉර’ පැන ඇති හෙයින්, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවය. කෙසේ නමුත් ඉරානය කුමන විදියේ ක්‍රියාමාර්ගයක් ගන්නවාදැයි පවසා නැත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයට නව සම්බාධක පනවා ඇත්තේ ඉරානයේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සහ ඉරාන න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙනි.

ඉරානය සහ ඇමෙරිකාව ඇතුළු ලෝක බලවතුන් අතරේ න්‍යෂ්ටික එකඟතාවක් ඇති කර ගැනුණේ 2015 වසරේදීය. ඒ, ඔබාමා පරිපාලනය පැවැති අවස්ථාවේදීය.මෙම න්‍යෂ්ටික එකඟතාව අනුව ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සීමා කර තිබේ.

ට්‍රම්ප් පරිපාලනය පෙන්වා දෙන්නේ එම එකඟතාව ප්‍රමාණවත් නොවන බවත්, එය වහා වෙනස් කළ යුතු බවත්ය. එපමණක් නොව, ඉරානයේ දිගුදුර බැලැස්ටික් මිසයිල වැඩසටහන කෙරෙහි ද ඇමෙරිකා ජනපතිවරයාගේ විරෝධය එල්ල වී ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS