ආධාර දෙන්න පෙළ ගැසෙති



බේරූට් අගනුවර වරායේ, සිදුවුණු බිහිසුණු පිපිරුමෙන් පසු, අසරණ වූ ලෙබනනයට ආධාර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රධානත්වයෙන්, ලොව ප්‍රබල රටවල නායකයන් අතරේ සමුළුවක් අද (9) අද පැවැත්වීමට නියමිතය.

වීඩියෝ ඇමැතුම් හරහා එම සමුළුව සංවිධානය කර තිබුණේ එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. සමුළුවට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවයා සහභාගී විය. පිපිරුමෙන් පසු පසුගිය 9 වැනිදා ප්‍රංශ ජනාධිපති මැක්රොන් බේරූට් බලා ගොස් සිදුවුණු මහා විනාශය දැක බලා ගත්තේය.

බේරූට් පිපිරීමෙන් පසු 60 කට වැඩි දෙනකු සුන්බුන් අතරේ අතුරුදන්ව ඇති බවත් ඔවුන් සෙවීමේ මෙහෙයුම් දිගටම සිදුවෙමින් පවතින බවත් ලෙබනන් රජය පවසා තිබේ.  බේරූට් වරායේ සිදුවුණු එම බිහිසුණු පිපිරුමෙන් 154 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් 5,000 ක් තුවාල ලබා ඇති බවත් ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

තුවාල ලැබූ 5,000 අතර 120 දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි. මරණයට පත්වුණු 154 දෙනාගෙන් 25 දෙනකු හඳුනා ගැනීමට නොහැකි බවත් පැවැසෙයි. මෙම මහා ව්‍යසනය සිදුවූයේ පසුගිය 5 වැනිදා බේරූට් වරායේ අනාරක්ෂිත අයුරින් ගඩා කළ ඇමෝනියම් නයිටේ්‍රට් තොගයකට ගිනි ඇවිලීමෙනි.

බේරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS