අලුතින් ඇමතිවරු පත්කරයි



ඕමාන් සුල්තාන්, කාබූස් බින් සෙඩ් අලුතින් අමාත්‍යවරුන් කීපදෙනෙක් පත් කරන ලෙස නියෝග කර ඇත.

අදාල නියෝගයට අනුව, ආචාර්ය අහමඩ් බින් මොහොමඩ් බින් සලීම් අල්-ෆුතයිසි, ප්‍රවාහන අමාත්‍යවරයා ලෙසත්, එන්ග් අස්සා බින්ට් සුලෙයිමාන් බින් සයිඩ් අල්-ඉස්මයිලියා තාක්ෂණ හා සන්නිවේදන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

ආචාර්ය සූඩ් බින්ට් මොහොමඩ් බින් අලි අල් ලෝටියා, කලා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙසත්, සයීඩ් ඉබ්‍රාහිම් බින් සයිඩ් අල්-බුසයිඩි, රාජ්‍ය අමාත්‍යවරයා සහ මුසන්දම් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර ඇත.

මුහසින් බින් මොහොමඩ් බින් අලි අල්-ෂෙයික්, රාජකීයඋපදේශක ලෙසත්, සුල්තාන් බින් සලීම් බින් සයිඩ් අල්-හබ්සි ඕමාන් බදු අධිකාරියේ ප්‍රධානියා ලෙස පත් කර ඇත.

අමාත්‍ය තනතුරක් සමඟින්එන්ග් ඉසම් බින් සෙයිඩ් බින් හරිබ් අල්-සාද්ජාලි,මස්කට් මහ නගර සභාවේ සභාපති ලෙස පත් කිරීමට ඕමාන් නායකයා නියෝග කර ඇත.

සයීඩ් කලීෆා බින් අල්-මුර්දාස් බින් අහමඩ් අල්-බුසයිඩි, අල්-බුරෙයිමි හි ආණ්ඩුකාරවරයා ලෙසවැඩ භාර ගනීයි.

ආචාර්ය අහමඩ් බින් මොහසින් බින් මොහොමඩ් අල්- ගසානි ධෝෆර් මහ නගර සභාවේ සභාපතිධුරයට  පත් කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS