අනතුරු ඇඟවීම ඉවත් කරයි



සෞදි ජාතිකයන්ට පනවා තිබු අනතුරු ඇඟවීම ඉවත් කිරීමට සෞදි රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක හේතුන් මත, ලෙබනන් රාජ්‍යයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස සෞදි ජාතිකයන්ට අනතුරු අඟවා තිබු අතර ලෙබනන් රජය සෞදි රජයට කරුණු පැහැදිලි කර දීමෙන් පසු අනතුරු ඇඟවීම ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

සෞදි ජාතිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලෙබනන් රජය සමඟ සාකච්ඡා කළ බවත් පිළිගත හැකි ආරක්ෂිත පියවරයන් හේතුවෙන්  අනතුරු ඇඟවීම ඉවත් කිරීමට කටයුතු කරන බව ලෙබනනයේ සෞදි තානාපති, වෙලීඩ් බුකාරි ප්‍රකාශ කළේ ය.

ලෙබනන් රාජ්‍යයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස අනතුරු අඟවමින් සෞදි රජය 2017 නොවැම්බර් මාසයේදිනිවේදනයක් නිකුත් කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්, බීරුට් නගරය)


RECOMMEND POSTS